ත්‍රිත්ව, 2018 වර්ෂයේදී ස්විස්ටර්ලන්තයේදී සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ්‍ර කර ගනිමින් ලියූ - වෙනස්ම විදියේ කතාවක්, වෙනස්ම තේමාවක්, ත්‍රාසය සහා කුතුහලය පිරුනු ගෘංගාරාත්මක ආදර කතාවක්. කතාවේ මුල සිට අග දක්වාම එය පාඨකයාව අපූරූම කුතුහලාත්මක ලෝකයක අතරමං කර දමාවී. චිත්‍රපටයක් මෙන් ත්‍රාසාත්මක රසාස්වාදයක් ඔබට ලබා දේවී -එක්තරා විශේෂ හේතුවක් නිසා මෙය මා මෙතෙක් ලියූ පොත් වලින් මා දැඩි සේ ආදරය කරන පොතක්. මා මෙන්ම ඔබත් මෙයට ආදරය කරාවී, මා එය විශ්වාස කරනවා!කතාවේ අන්තර්ගතය එකට කැටි කොට ත්‍රිත්ව පිටකවරය විශිෂ්ඨ ලෙස නිමකරදුන් Pradeep සහෝදරයාටත්, Dasun, Thanoja, Naveen ඇතුලු ග්‍රන්ථ කාර්ය මන්ඩලයටත්, මේ මොහොතේ ත්‍රිත්ව ඉංග්‍රීසීයට පරිවර්ථනය කරමින් සිටින සන්ධ්‍යා මහත්මියටත් "බොහෝමත්ම ස්තූතියි".දිනෙක මෙයත් මා විසින් නිර්මානය කරන "තවත් චිත්‍රපටයක්" වේවී !අපි බලා ඉමු පාඨකයින් "ත්‍රිත්ව" වැළදගන්නා අයුරු!------------------------------------------------"ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංගගෙන ජීවත් වෙලා මැරිලා යන එක නෙමේ ලුසී,මගේ ජීවිතයේ රහස් නැහැ,තියෙන හැම රහසක්ම මට හෙළිකරන්න පුළුවන්,මම ලෙස්බියන්.මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප්රස්නේ ඇහැව්වේ එහෙම කාන්තාවකගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තවත් එවැනිම කාන්තාවකට විතරක් නිසා”"මට ඒ ගැන හරියටම පිළිතුරක් දෙන්න බැහැ මිස් යශෝධා.මම පොලිස් නිලධාරිනියක්.මම මෙතැනට ආවේ මරණයක් ගැන පරීක්ෂා කරන්න."ඇය එසේ කියත්ම යශෝධා එක පිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කරගත්තාය.ඒවා පොළොවට සමාන්තරව තබා මදක් මෑත් කර හිඳගත්තාය.ඒ දෙස බලද්දි ලුසිනෙගේ කොළ පැහැති දෙනෙත් තුළින් දිලිසීමක් මතු විය.යශෝධා ඒ දෙනෙත් දෙස එක හෙල්ලේම මොහොතක් බලා සිටියාය.ඉන්පසුව තම දෙපා යළිත් එක පිට එක දමා ගත් ඇය තවත් සියුම් සිනහවකින් මෙසේ පැවසුවාය."මිසිස් ලුසිනේ, මේක ටිකක් අමුතු කතාවක්..."-----------------------------------------------------"ත්‍රිත්ව"මුතුමුදලිගේ නිශ්ශංක