Read Anywhere and on Any Device!

Subscribe to Read | $0.00

Join today and start reading your favorite books for Free!

Read Anywhere and on Any Device!

  • Download on iOS
  • Download on Android
  • Download on iOS

Gohaar

Muthumudalige Nissanka ( Nissh.M )
4.64/5 (14 ratings)
මමයි මගේ බිරිදයි කියන්නේ අහසයි පොලොවයි වගේ වෙනස් දෙන්නෙක්.එයත් මං වගේම ගතිගුන තියෙන කෙනෙක් වුනානම් සමහරක් වෙලාවට ජීවීතය නිරස වෙන්නත් ඉඩ තිබුනා.මම ටිකක් හුදකලාවේ ඉන්න කැමති කෙනෙක් එහෙත් වයිෆ් ඒකේ අනිත් පැත්ත, එයා කැමතියි යහලුවන්ව වට කරගෙන ජීවත් වෙන්න.එයාට ඒකට හරියන්නම යහලුවෝ දුසිම් ගානක්ම ඉන්නවා.

මේක ලියද්දි මුලින්ම වයිෆ් ගැන කිව්වේ මේ කතාවත් පටන් ගත්තේ එයාගෙන් නිසා.වයිෆ්ට යහලුවෙක් ඉන්නවා රිප්සිමේ කියලා,වයිෆ් කොහොමත් සතියට දෙතුන් පාරක්ම රිප්සිමේව මුන ගැහෙන්න යනවා.දවසක් රිප්සිමේව මුන ගැහිලා ගෙදරට ආපු වයිෆ්ගේ මුහුන හොදටම වෙනස් වෙලා , සුදුමැලි වෙලා ගිහින් තිබුනා.එයා ආපු විදියෙන්ම මම දැනගත්තා මොකක් හරි දෙයක් වෙලා තියෙන විත්තිය.

මම ඒ වෙලාවේ මොකක් හරි වැඩක හිටියේ,වයිෆ් ගෙදර ආපු හැටියෙම මගේ ලගට ඇවිත් හිදගත්තා.

" මට ඔයාට කතාවක් කියන්න තියෙනවා " සාමාන්යෙන් වයිෆ් එහෙම දෙයක් කිව්වම මම මොන වැඩක් කරත් සම්පූර්නයෙන්ම එයාගේ පැත්තට හැරෙනවා.මොකද සීරීයස් දෙයක් හැරෙන්න වෙන කිසිම දෙයක් එයා ඒ විදියට පටන් ගන්නේ නැහැ .
එතකොට තමයි වයිෆ් මට මේ කතාව කිව්වේ.

" ඔයා දන්නවනේ රිප්සිමේව "

" ඔව් "

" එයාගේ මල්ලිට පොඩි දරුවෙක් ඉන්නවා,වයස අවුරුදු පහක , රිප්සිමේ මේ කතාව මට කියද්දි මගේ ඇග හිරි වැටිලා ගියා, මේ තවමත් ඒක මතක් වෙද්දි එහෙමයි "

" ඉතින් , ඒ ලමයට මොකද "

" දවසක් එයාලගේ ෆැමිලි එකම ස්විඩන් ගිහින්, යද්දි ප්ලේන් එකේදී මේ ලමයා කාත් එක්කද කතා කරන්න පටන් අරගෙන "

" මොකක් "

" ඔව් , ප්ලේන් එකේ ජනේලයෙන් එලිය බලාගෙන කාත් එක්කද කතා කරනවලු "

" ඉතින් "

" ස්වීඩන් වලට ගියාමත් ඒක ඒ විදියටම සිද්ද වෙලා, එයා සැරින් සැරේ තනියම කතා කරන්නයි, එයා ලගම ඉන්න කෙනෙක් එක්ක වගේ සෙල්ලන් කරන්නයි පටන් අරන් , ඒ නිසා ඒ ගොල්ලෝ ඉක්මනට ආයෙමත් මෙහෙට ඇවිත් "

" ඊට පස්සේ "

" මෙහෙට ආවට පස්සේ ඩොක්ටර් කෙනෙක්ව මීට් වෙලා, එහෙත් ඩොක්ට කියලා තියෙනවා පොඩි දරුවන්ට එහෙම කරනවා ඒක සාමාන්‍ය දෙයක් කියලා "

" ඉතින් ඒක සාමාන්‍ය දෙයක් වෙන්න ඇති "

" නැහැ , ඒක ඒ ලමයා නිකන් කරපු දෙයක් නෙමෙයි,දවසක් එයාගේ තාත්තා ඇදේ හිදගෙන පොතක් කියව කියව ඉන්නකොට මේ ලමයා ඇදට ඇවිත් සෙල්ලන් කරන්න පටන් අරන් , හරියට එයාගේ ඉස්සරහා කවුරු හරි ඉදගෙන ඉන්නවා වගේ එයා සෙල්ලන් කරලා තියෙන්නේ , ඉතින් එයාගේ තාත්තා මේක ටිකක් වෙලා බලාගෙන හිදලා එයාගෙන් අහලා තියෙනවා
" ගෝර් ඔයා කාත් එක්කද සෙල්ලන් කරන්නේ " කියලා.

" ඔයා දන්නවද ඒ ලමයා මොකක්ද කියලා තියෙන්නේ කියලා "

" මොකක්ද "

" එයා කියලා එයා සෙල්ලන් කරන්නේ එයාගේ නංගි එක්ක කියලා "

" මොකක් "

" ඔව් , එතකොට තාත්තා කියලා, ඔයාට නංගිලා නැහැනේ කියලා."

"ඉතින් "

" ඒ ලමයා කියලා මට නංගි කෙනෙක් හිටියා, අපි දෙන්නා අම්මගේ බඩේ එකට හිටියේ කියලා "

එතකොට තමයි රිප්සිමේගේ මල්ලිට මතක් වෙලා තියෙන්නේ වයිෆ්ට ලැබෙන්න හිටියේ ටුවින්ස්ලා කියලා.එහෙත් ඇක්සිඩන්ට් එකක් වෙලා එක දරුවෙක් නැතිවෙලා.එහෙත් මේ කතාව එයාලා කාටවත්ම කියලා නැහැ "

" එහෙනම් කොහොමද ඒක මේ පොඩි ලමයා දන්නේ ? "

" දන්නෑ , සමහරක් වෙලාවට එයත් එක්ක සෙල්ලන් කරනවා කියපු කෙනා කියන්න ඇති "

" මොකක්ද ඒ ලමයගේ නම "

" ගෝර් "

වයිෆ් ඔය කතාව කිව්ව හැටියෙම මගේ ඔලුවේ ඕක ෆිල්ම් එකක් වගේ දුවන්න පටන් ගත්තා.කොයිතරම් ඕක ඔලුවට වදයක් වුනාද කිව්වොත් මට එදා රෑ නින්ද ගියෙත් නැහැ :)මම එදා රෑම මේ කතාවේ සම්පූර්න කටු සටහන ඇන්දා.

ඔය කියපු ටික තියෙන්නේ පලවෙනි පිටුවේ විතරයි.
එයාගේ ජීවීතය සම්පූර්නයෙන්ම වෙනස් වෙන තැනක් එනවා.ඒ එයාගේ නංගීව මුන ගැහුන දවස නෙමෙයි, ඔය කතාවේ ඊටත් එයා ගිය සිදුවීම් දාමයක් සිද්දවෙනවා.

මේ පොතේ ගෝහා සහා ගුස්තා කියලා වෙලුම් දෙකක් තියෙනවා.එක වෙලුමක පිටු 200ක් , .සම්පූර්න පොතේම පිටු ගාන 400ක් විතර.වෙළුම් දෙකක් නිසා ටිකක් දිග කතාවක්.

අද ගෝහාර් ග්‍රන්ථ ආයතනයෙන් රිලීස් වුනා, දැන් ඔබටත් Pre-Order කරන්න පුලුවන්.

Grantha 071 944 88 99

පිටකවර නිර්මානය : Kalana Ganganath
ප්‍රකාශනය : Grantha.lk

එහෙනම් අපි ගෝහාර් ගැන ඉස්සරහාටත් කතා කරමු.පොත කියවන අය ඒ ගැන පුංචි සටහනකුත් කරන්න අමතක කරන්න එපා.

- මුතුමුදලිගේ නිශ්ශංක
Format:
Pages:
pages
Publication:
Publisher:
Edition:
1st Print
Language:
ISBN10:
ISBN13:
kindle Asin:
B0DM287GV3