කැලෑ මල් සුවඳ, වැනිලා ගොඩාක් දාලා හොදින් කලතාපු කැපුචීනෝ කෝපි කෝප්පයක සුවඳ, දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරනකොට මැන්ඩරීන් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැගිරි සුවඳ, ලැවෙන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිඳු කොණ්ඩා කරල් වලින් එන සුවඳ, බී ආත්තම්මාගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කබල් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයෝන් කූරු ඇඟිලි අස්සේ තැවරුණාම එන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩුවලින් සෝදාපු ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ... ඇත්තටම මේක මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩාක් ගැන කතාවක්...